Life Care Dispensary and Surgery

Life Care Dispensary and Surgery Life Care Dispensary and Surgery - Compassionate & Affordable Healthcare Provider

03/06/2025

ගැබිණි මව්වරුන් සඳහා - චිකුන්ගුන්යා අවධානම පිළිබඳ දැනුවත් කිරීමයි

02/04/2025
29/03/2025
24/01/2025

හදිසියේ මුහුණේ පැත්තක් එල්ලා වැටීම, එක් අතක පණ අඩුවීම හෝ කතා කිරීමට අපහසුවීම වැනි රෝග ලක්ෂණ අංශභාගේ මුල්ම රෝග ලක්ෂණ බව ඔබ දැන සිටියාද?
මේවායෙන් එක රෝග ලක්ෂණයක් හෝ හඳුනාගෙන ඉක්මනින් ක්‍රියාත්මක වී ළඟම ඇති රෝහලට ඇතුළත් වීමෙන් අංශභාගය නිසා ඇතිවන දරුණු සංකූලතා අවම කර ගත හැක.

මේක වඩාත් හොඳින් තේරුම් ගන්න අංශ භාග රෝගියෙකුගේ සත්‍ය කතාවක් රෝගියාගේ අවසරය මත පහත පළ කරන ලදි.

ඔන්න මහත්තයා කිව්ව වෙලාවටම ඉස්පිරිතාලෙට එක්කගෙන ආවා" එතකොට වෙලාව හරියටම උදෑසන හතයි පනහයි. ත්‍රිවිල් එකේ රියදුරු සුනිල්ගේ හඬ මාව එක්වරම පියවි ලෝකයට ගෙන ආවා. "බොහොම ස්තුතියි! එහෙනම් ලොකු දුව අපි ඉක්මනට යමු", මහත්තයට පුළුවන්ද තනියම ඇවිද ගෙනයන්න? ආපහු රියදුරු මහත්තයගෙන් ප්‍රශ්නයක්. "නැහැ නැහැ සුනිල් දැන් මට හොඳටම හොඳයි." එහෙම කියපු මම ලොකු දුවත් එක්ක ත්‍රිවිල් එකෙන් බැසගෙන කඩිමුඩියේ සායනය තියෙන පැත්තට යන්න පටන් ගත්තා. රෝහලේ ගේට්ටුව පහු කරගෙන යන විටම මීට සති තුනකට කලින් මම මේ රෝහලටම ගෙනාපු විදිහ හරියට චිත්‍රපටියක් වගේ මට මැවිලා පෙනුනා. ඒ දවස නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. එදා රෑ නමයට විතර ක්‍රිකට් මැච් එක බල බල ටීවී එක ඉස්සරහ හිටියා. Tv එකේ සද්දෙ අඩු කරන්න කියලා හිතා ගෙන රිමෝට් එක දිහාට දකුණු අත දික්කලාට මට අත දික් කර ගන්න පුළුවන් උනේ නැහැ. මට ඒ අත හරි බරයි වගේ තේරුනේ. ඒකට මම ටිකක් බය වුණා. බය වෙච්ච පාර මට එහෙම්මම පුටුවෙන් නැගිට්ට උනා. පුටුවෙන් නැගිටලා ඉස්සරහට යන්න හදනකොටම දකුණු කකුලත් පැටලෙනවා වගේ මට තේරුණා. මම එහෙම්මම පුටුවේ ආපහු වාඩිවුණා.ඒත් එක්කම ලොකු දුවටත් බිරිඳටත් කෑ ගහලා කතා කලා. මම කතා කරනකොට දිව පැටලෙන ගතියකුත් තිබුණා. මට ඇතිවෙලා තියෙන්නේ අංශභාග තත්ත්වයක් කියල මට හිතුනා. ඒත් රාත්‍රියේ ඉස්පිරිතාලෙට යන්න බැරි නිසා ඊළඟ දවසේ යමු කියලා මම කිව්වත් ලොකු දූ කිව්වේ, පුළුවන් තරම් ඉක්මනට අපි ඉස්පිරිතාලෙට යමු කියලා. ගෙදර කට්ටියගෙ බල කිරීම නිසාම 1990 ගිලන් රථ සේවයට කතා කරගෙන ඒගොල්ලෝ මාව අපේ ප්‍රදේශයේ දිසාරෝහලට ගෙනිච්චා. එතනදි මාව පරීක්ෂා කරපු වෛද්‍යවරු ගිලන් රථයෙන් ළඟම තිබුණ දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගියා.දිස්ත්‍රික් මහ රෝහලේදී මට හදිසි CT පරීක්ෂණයක් සිදු කලා. එයින් පසුව හදිසි ප්‍රතිකාර අංශයේ දී තවත් ලේ පරීක්ෂණ කිහිපයක්ම සිදු කළා. ඉන් පසු නැවතත් මාව වෛද්‍යවරු පරික්ෂා කරල ඇතිවෙලා තිබුණු තත්ත්වය ගැන මටත් ගෙදර කට්ටියටත් පැහැදිලි කලා. මට ඇවිල්ල තිබුණේ අංශභාග තත්ත්වයක්. CT පරීක්ෂණයට අනුව මට තිබිලා තිබුණේ මොළයේ රුධිර වාහිනියක ලේ කැටිත්තක් හිර වෙලා. මගේ වාසනාවට මම රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් ඇවිල්ලා පැය හතර හමාරක් ඇතුලත රෝහලට ඇවිල්ල තිබුනා. ඒ නිසා අංශභාගය සුව කිරීම සඳහා ලබාදෙන ඖෂධය ලබා දෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු දැනුම් දුන්නා. මේ ලබා දෙන්න යන ඖෂධය ගැන වෛද්‍යවරු මට හොඳින් පැහැදිලි කරලා දුන්නා. මගේ කැමැත්තත් අත්සනත් ලබාගෙන ඖෂධය මට ලබා දුන්නා. "තාත්තේ ඔයාගේ කාඩ් එක දෙන්න." ඒ ලොකු දුවගෙ කටහඬ. අපි දෙන්නා දන්නෙම නැතුව ස්නායු සායනටම ඇවිල්ලා තිබුණා. අපිට හම්බුණේ අංක විසි දෙක .ඒ සායනය තිබුනේ මම වගේම අංශභාග තත්වයන් ඇවිල්ලා තිබුන රෝගීන්ට. එදා සායනයට ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. සමහර අයට තවමත් හරියට ඇවිදින්න බෑ , තවත් කෙනෙකුගේ හරියට අත වැඩ කරන්නේ නැහැ. සමහර කට්ටියට තාම හරියට කතා කරන්න බැහැ . එහෙම කට්ටිය ගොඩක් දෙනෙක් මේ සායනයට ඇවිල්ලා හිටියා. රෝහලේ ඉන්නකොට එදා විශේෂඥ වෛද්‍යතුමා මට කියපු දෙයක් මතක් වුණා ." විමලසේන මහත්තය දැන් ඉස්සර වගේ නෙමෙයි අංශභාග රෝගීන් වැඩියි. පුද්ගලයෝ හතර දෙනෙක් ගත්තොත් එක්කෙනෙකුට මේක වැළදෙන්නෙ හැකියාව තියෙනවා." ඉන්න රෝගීන් දිහා බැලුවහම ඒ කතාව ඇත්ත කියල මටත් හිතුනා. මගේ අංකය ආවට පස්සේ ිශේෂඥ වෛද්‍යතුමාව හම්බෙන්න අපිට අවස්ථාව ලැබුණා . එතුමා මාව නැවතත් පරීක්ෂා කලා. ඒ වගේම කරගෙන එන්න කියපු ලේ පරීක්ෂණ වාර්තාත් බැලුවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මට කිව්වේ "ඔබතුමාට තිබුණ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය කාලෙක ඉඳන් තිබිලා තියෙනවා. ඔබතුමා අන්තිම මාස හය හතේ දී මේ රෝග හරියට පාලනය කරගෙන තිබුණේ නැහැ. මට හිතෙන්නෙ මේ නිසා වෙන්නැති ඔබතුමාට මේ වගේ තත්ත්වයක් එන්න ඇත්තේ. ඒ නිසා අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කියන තත්ත්වයන් හොඳින් පාලනය කරගන්න. නැත්තං ආපහු අංශභාග තත්ත්වයක් ඇතිවෙන්න හැකියාව තියෙනවා." ඇත්තටම අන්තිම අවුරුද්දෙ විතර මගේ වැරදි ආහාර රටාවත්, නියම කළ ඖෂධ මගහැරීමත් නිසා වෙන්න ඇති මේ වගේ තත්ත්වයක් මට ආවේ. වාසනාවකට ඉක්මනටම රෝහලට ගියපු නිසා මට අංශභාග තත්ත්වය සුව කරගන්න පුළුවන් වුණා. වෛද්‍යතුමා ඊට අමතරව ලබාදුන් ඖෂධ හරියට බොන්න කියලා කිව්වා. ඒ වගේම නිවැරදි ආහාර රටාවත් පුරුදු කරගන්න උපදෙස් ලබා දුන්නා. ඉස්පිරිතාලෙදි කියල දුන්න අතටත් කකුලටත් කරන්න කියා දුන්න ව්‍යායාම ටිකත් තව සති දෙක තුනක් කරන්න කියලා කිව්වා. ආපහු තව මාසෙකින් ඇවිල්ලා සායනයේදී පෙන්නන්න කියලා අවසාන වශයෙන් මට කිව්වා. ඒත් වෛද්‍යතුමා අන්තිමට කිව්ව කතාව මගේ හිතේ තවමත් දෝංකාර දෙනවා. දිය වැඩියාව සහ අධි රුධිර පීඩනය හරියට පාලනය නොකළොත් ආපහු මේ වගේ තත්වයක් එන්න පුළුවන්. ඒ කියන්නේ මට දියවැඩියාවයි අධි රුධිර පීඩනයයි හරියට පාලනය කරගන්නම වෙනවා. ඒවගේම මගේ පෙර පිනකට තමයි පුළුවන් තරම් ඉක්මනින් ම රෝග අංශභාග රෝග ලක්ෂණ වේලාසනින්ම හඳුනගත්තේ ඒ වගේම ඉක්මනින්ම මට ඉස්පිරිතාලෙට යන්න පුළුවන් වුණේ. පරක්කු වෙලා ගියා නං මට බෙහෙත විදින්න බැරි වෙනවා. දන්න කෙනෙක්ටත් මං කියන්නේ අංශභාගේ රෝග ලක්ෂණ ආවොත් බලන් ඉන්න එපා. ඉක්මනින්ම ළඟම තියෙන රෝහලට යන්න. ඉක්මනින්ම ගියොත් අංශභාගෙට බෙහෙත් තියෙනවා.

06/01/2025

උතුරු චීනයේ, විශේෂයෙන්ම ළමුන් අතර ස්වසන රෝග වල වැඩි වීමක් පෙන්නුම් කරන වාර්තා ඔබ දැනටමත් සමාජ මාධ්‍ය හරහා දැක ඇති. චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන අන්දමට මෙම රෝගී තත්වයන්ට හේතුව ඉන්ෆ්ලුවෙන්සා (Influenza), රෙස්පිරේටරි සින්සිටියල් වෛරසය (Respiratory Syncytial Virus- RSV) සහ මානව මෙටානියුමෝ වෛරසය (Human Metapneumovirus - HMPV) යන හඳුනාගත් සාමාන්‍ය ශ්වසන රෝග වෛරසයන් වේ. මෙහිදී නව හෝ අසාමාන්‍ය ව්‍යාධිජනකයන් හඳුනාගෙන නොමැති වීම වැදගත් කරුණකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරන ආකාරයට මෙවැනි තත්වයක් අනපේක්ෂිත නොවන බවත්, අනෙකුත් රටවල නිරීක්ෂණය කරන ලද රටාවන්ට මම තත්වය සමාන බවත්ය. වත්මන් ශ්වසන රෝග රැල්ල පෙර වසරවලට වඩා අඩු මට්ටමක පවතින බවත්, රෝහල් රෝගීන් ඵලදායී ලෙස කළමනාකරණය කරන බවත් චීන බලධාරීහු සහතික කරති.
ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් පැනනැගී නොමැත. අපගේ සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව අවධානයෙන් පසුවන අතර මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෝලීය සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අඛණ්ඩව අධීක්ෂණය කරමින් පසුවෙයි.
ප්‍රධාන කරුණු:
• චීනයේ ශ්වසන රෝග වැඩිවීමට හේතුව මීට පෙර හඳුනාගත් වෛරසයන්ය.
• නව හෝ අසාමාන්‍ය වෛරස හඳුනාගෙන නොමැත.
• මෙම තත්වය සාමාන්‍ය ශ්වසන රෝග පැතිරීමට සමාන වන අතර, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් නොමැත.

சீனாவில் பதிவாகியுள்ள சுவாச நோய்கள் பற்றிய அப்டேட்

வட சீனாவில், குறிப்பாக குழந்தைகளிடையே சுவாச நோய்களின் அதிகரிப்பைக் குறிக்கும் சமூக ஊடக அறிக்கைகளை நீங்கள் ஏற்கனவே பார்த்திருப்பதால், உண்மையான உண்மைகள் குறித்து உங்களுக்குத் தெரிவிக்க விரும்புகிறோம். காய்ச்சல், சுவாச ஒத்திசைவு வைரஸ் (RSV) மற்றும் மனித மெட்டாப்நியூமோவைரஸ் (HMPV) போன்ற பொதுவான வைரஸ்களால் இந்த வழக்குகள் ஏற்படுகின்றன என்பதை சீன சுகாதார அதிகாரிகள் உறுதிப்படுத்துகின்றனர். முக்கியமாக, புதிய அல்லது அசாதாரண நோய்க்கிருமிகள் எதுவும் கண்டறியப்படவில்லை.

இந்த நிலைமை எதிர்பாராதது அல்ல என்றும், மற்ற நாடுகளில் காணப்பட்ட முறைகளைப் போன்றது என்றும் WHO கூறியுள்ளது. முந்தைய ஆண்டுகளை விட தற்போதைய அலை தீவிரமானது என்றும் மருத்துவமனைகள் நோயாளிகளின் சுமையை திறம்பட நிர்வகித்து வருவதாகவும் சீன அதிகாரிகள் உறுதியளிக்கின்றனர்.

இலங்கையில், இந்த நிலை குறித்து கவலை கொள்ள எந்த காரணமும் இல்லை. எங்கள் சுகாதார அதிகாரிகள் விழிப்புடன் உள்ளனர் மற்றும் பொதுப் பாதுகாப்பை உறுதி செய்வதற்காக உலகளாவிய சுகாதார முன்னேற்றங்களை தொடர்ந்து கண்காணித்து வருகின்றனர்.

முக்கிய குறிப்புக்கள்:-

சீனாவில் சுவாச நோய்களின் அதிகரிப்பு அறியப்பட்ட வைரஸ்கள் காரணமாகும்.

புதிய அல்லது அசாதாரண நோய்க்கிருமிகள் அடையாளம் காணப்படவில்லை.

தற்போதைய சூழ்நிலை நடவடிக்கைக்கு உத்தரவாதம் அளிக்கவில்லை மற்றும் இந்த கட்டத்தில் இலங்கையில் பொது சுகாதாரத்தில் குறிப்பிடத்தக்க தாக்கத்தை ஏற்படுத்தவில்லை.

Update on global respiratory disease spread

As you may have already seen social media reports indicating an increase in respiratory illnesses in northern China, particularly among children, we wish to keep you informed on the real facts. Chinese health authorities confirm that these cases are due to common viruses such as influenza, respiratory syncytial virus (RSV), and human metapneumovirus (HMPV). Importantly, no new or unusual pathogens have been detected.

The WHO has stated that the situation is not unexpected and is similar to patterns observed in other countries. Chinese officials assure that the current wave is less severe than previous years and that hospitals are managing the patient load effectively.

In Sri Lanka, there is no cause for concern regarding this situation. Our health authorities are vigilant and continuously monitor global health developments to ensure public safety.

Key Points:

The increase in respiratory illnesses in China is due to known viruses.

No new or unusual pathogens have been identified.

The current situation does not warrant action and it does not have a significant impact on public health in Sri Lanka at this point.

07/11/2024

🌍නොවැම්බර් 4 සිට 9 දක්වා පැවැත්වෙන විශේෂ සරම්ප පිළිබද දැනුවත් කිරීමේ හා ප්‍රතිශක්තිකරණය කිරීමේ සතියට එක්වන්න! 🌍

2024 වයස 20-30 (1994-2004 උපන්) ඔබට කරනා විශේෂ ආරාධනාව🤵👰

ඔබේ වයස අවුරුදු 20-30 අතරද? සරම්ප එන්නතක් අතපසු වුණාද? එසේනම් මේ ඔබේ වාරයයි👍 මේ සතියේ, අපි සරම්ප සහ රුබෙල්ලා වැනි බෝවන රෝගවලින් සෑම කෙනෙකුම ආරක්ෂා කර ගැනීම සහතික කිරීම සඳහා අවදානම් ප්‍රදේශ වල නොමිලේ එන්නත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත 🦠✨

👀ඔබ එක්විය යුත්තේ ඇයි?
ප්‍රජා සෞඛ්‍යයට තරුණ ඔබ අත්‍යවශ්‍ය වේ - ඔබව ආරක්ෂා කිරීම යනු සියලු දෙනා ආරක්ෂා කිරීමයි! අපගේ ඉලක්කය වන්නේ ප්‍රතිශක්තිකරණ හිඩැස් වසා මෙම බෝවන රෝග පැතිරීම අවම කිරීමයි. සංජානනීය රුබෙල්ලා දරුණු උපත් ආබාධ ඇති කරන අතර සරම්ප යනු අප විසින් වළක්වා ගත යුතු ඉතා භයානක බෝවන රෝගයකි.🗣

📌 එන්නත් වැඩසටහන සිදුවන ආකාරය!!!!!
🔹 නොවැ 4-8 දක්වා - ගෙයින් ගෙට දැනුවත් කිරීම හා එනනත් ලබානොගත් හෝ නියමිත මාත්‍රා සම්පූර්ණ නොකළ අය හඳුනා ගැනීම. එන්නත් කිරීමේ ප්‍රතිලාභ ගැන ඔබගේ ගෙයි දොරකඩ සිටම දැන ගන්න!
🔹 නොවැම්බර් 9 වන දින MOH සායන වෙත පැමිණෙන්න - සරම්ප සහ රුබෙල්ලා එන්නත් සඳහා විශේෂයෙන් සායන විවෘත වේ. එදිනට අතපසු වුවහොත් මෙම මස ඇතුළත තෝරාගත් සෙනසුරාදා ඇතුළු දින වලදී ලබා ගත හැක.
🔹 ප්‍රජා ප්‍රතිශක්තිකරණ දින හා ස්ථාන පිළිබඳව ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් විමසා දැනගන්න.
🔹 විශ්ව විද්‍යාල, සේවා ස්ථාන සහ තවත් ආයතන ආවරණය වන පරිදි ස්ථානීය එන්නත් කිරීම.

අවදානම් වැඩි දිස්ත්‍රික්ක පුරා. එම දිස්ත්‍රික්කවලට ඇතුළත් වන්නේ: කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, මඩකලපුව, පුත්තලම, කල්මුණේ ,මහනුවර, යාපනය හා අම්පාර

මෙම ප්‍රතිශක්තිකරණ සතිය සාර්ථක කර ගනිමු!
පළමුව ඔබව ආරක්ෂා කරගන්න, එවිට ඔබේ ආදරණීයයන් ආරක්ෂා වනු නියතය. සැමට නිරෝගී අනාගතයක් ගොඩනැගීමට අප හා එක්වන්න!

💉 එන්නත් ලබා ගන්න. ආරක්ෂිතව සිටින්න. අන් අයටත් මෙම පණිවුඩය ලබා දෙන්න! 💉

වැඩි විස්තර සඳහා 1999 සුවසැරිය සෞඛ්‍ය තොරතුරු ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.

21/08/2024

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම මංකි පොක්ස් රෝගියා සොයාගැනීම පිළිබඳ පුවත දැනටමත් ඔබ දන්නවා ඇති. ඒ අනුව, මංකි පොක්ස් ලොව පුරා පැතිරීම ආරම්භ වූ අවදියේ පටන් ම, වරින් වර අප විසින් ඔබ සමඟ බෙදාගන්නා ලද විද්‍යාත්මක දැනුම නැවතත් සිහිපත් කරගන්නටත්, ප්‍රායෝගිකව භාවිතා කරන්නට දැන් කාලය උදා වී තිබෙනවා.

කොවිඩ් -19 මෙන් ලෝකයට අලුත්ම රෝගයක් නොවුනත් මෑතක දී සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වූ මෙම වසංගත තත්වය අද වනවිට රටවල් 109කට ව්‍යාප්ත වෙමින් ආසාදිතයින් බවට පත්කර ඇති බවට තහවුරු කල පුද්ගලින් සංඛ්‍යාව 78,000කට ආසන්නයි. දැනට වාර්තා වී ඇති මරණ සංඛයාව 36ක්.

ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රයක් මඟින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට මෙම වෛරසය ඇතුලු වීමට ඉඩ තිබෙන අතර රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකියි.

සාමාන්‍යෙයෙන්, වෛරසය ශරීරගත වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළවීම සිදුවන අතර, සුලබ රෝග ලක්ෂණ ලෙස උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග ඇතිවන බිබිලි සඳහන් කල හැකියි. සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. ඊට අමතරව මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ තිබුණත් 'මංකි පොක්ස්' ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා. රෝගය තහවුරු කරගැනීම සඳහා විවිධ රුධිර පරීක්ෂාවන් සහ PCR පරීක්ෂණ යොදා ගනු ලැබෙනවා.

හටගත් කුෂ්ට සියල්ල සුව වී ඒවායින් ඇතිවන කබොලු සියල්ල ද හැලී ගොස් සුව වන තෙක්ම , මංකිපොක්ස් ආසාදිතයෙකුට රෝග-වාහකයෙකු වීමේ හැකියාව තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ යම් අවදානමක් පවතිනවා.

රෝගය වලක්වාගැනීම සඳහා මෙවැනි රෝග ලක්ෂණ සහිත, තහවුරු කල හෝ සැක සහිත පුද්ගලයින් සමඟ ( විශේෂයෙන්ම සමට සම ස්පර්ශ වන පරිදි ) සමීප ශාරීරික සබඳතා පැවැත්වීමෙන් වැළකීම සහ එම පුද්ගලයා භාවිතා කල උපකරණ යනාදිය ස්පර්ශයෙන් වැලකී සිටීම නිර්දේශ කෙරෙනවා. එමෙන්ම ඉහත කී සැක කටයුතු රෝග ලක්ෂණ පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීමත්, සම්පූර්ණ සුවය ලබන තෙක් අන් අය සමඟ සමීප ශාරීරික සම්බන්ධතාවලින් වැළකී සිටීමත් වැදගත්.

කොවිඩ් -19 වසංගතය හමුවේ අප අත්දැකීමෙන්ම අවබෝධ කරගත් පරිදි, මෙවන් සෞඛ්‍ය ගැටලු ජයගැනීම සඳහා විද්‍යාත්මක පදනමක පිහිටා කටයුතු කිරීම ඉතා වැදගත්. වසංගතයේ ව්‍යාප්තිය අනුව නිකුත්වන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ යාවත්කාලීන වන විද්‍යාත්මක දත්ත තොරතුරු නොපමාව ඔබ හමුවේ තබමින්, මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට පුරවැසි ඔබව සවිබල ගැන්වීමටත්, ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ සුවතාවය රැකගැනීමටත් අවශ්‍ය සියලු සයයෝගයන් ලබා දීමට අප සූදානමින් සිටිනවා. මෙවන් අර්බුධකාරී සමයක වුවත්, අප එකාවන්ව නිසි ක්‍රියාමාර්ග අනුගනය කලහොත් අපි තනි තනිවත් රැකෙමින් අපේ ආදරණීයන්වත් රැකගැනීමට හැකිවන බව නොඅනුමානයි.

21/08/2024

Address

Naran Waththa
Veyangoda
11100

Opening Hours

Monday 17:30 - 20:30
Tuesday 17:30 - 20:30
Wednesday 17:30 - 20:30
Thursday 17:30 - 20:30
Friday 17:30 - 20:30
Saturday 17:30 - 20:30
Sunday 17:30 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when Life Care Dispensary and Surgery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category