20/05/2022
මිනිසාට ඉතාමත් දුක්‌දෙන මෙම රෝගය මූලාරම්භ රෝග ලක්‍ෂණ ලෙස මලබද්ධය දැක්‌විය හැකිය. (මළ බද්ධය යනු අවශ්‍ය තරම් මළ පහ පිට නොවීම හා තවත් මළ පහ ඉතිරිව ඇති බව දැනීම) අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම කෘත්‍රිම ආහාරවලට පුරුදු වී කෙඳි සහිත ආහාර නොගැනීම, ශරීරයට ව්‍යායාම නොලැබීම, මළමුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය දැනුන විට පිට නොකර සිටීම, නිදි මැරීම, එක දිගට ඉඳගෙන හෝ සිට ගෙන සිටීම, බර ඉසිලීම, අධික ලෙස මත්පැන් පානය, උෂ්ණ අධික ආහාර (ඉස්‌සෝ, දැල්ලෝ, කකුළුවෝ, බලමාළු, තක්‌කාලි, සැමන්, අන්නාසි, අච්චාරු, දෙල්, හරක්‌මස්) පමණ නොදැන ගැනීම, අපිරිසිදු බව, පණුරෝග, මානසික හේතු ආදිය අර්ශස් රෝගය හැදීමට හේතු පාදක වේ.
අර්ශස් රෝගයට වයස් සීමාවක් නොමැත. අර්ශස් රෝගය පුද්ගලයකුට වැළඳෙන අවස්‌ථා 5 ක් දැක්‌විය හැක.
1) පරම්පරාවෙන් අර්ශස් රෝගයට ගොදුරු වීමට ඉඩ තිබේ.
2) දරුවකු කුසට එනවිට මව හෝ පියා අර්ශස් රෝගයෙන් පෙළෙන්නේ නම් උපදින දරුවාටද මෙය උරුම වීමට ඉඩ තිබේ.
3) තරුණ වියට එළැඹීමත් සමග කරන රැකියා, චර්යා රටාවල් අනුව අර්ශස් රෝගයට ගොදුරු වීමේ ඉඩකඩ පවතී.
4) ගර්භණී සමයේ කාන්තාවන්ගේ ශරීරයේ ඇතිවන හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්‌කම් හේතුවෙන් ද අර්ශස් රෝගය වැළඳීමට ඉඩ තිබේ.
5) උදරගත පිළිකා ඇති පුද්ගලයන්ටද අර්ශස් රෝගය වැළඳීමට ඉඩ තිබේ.
අර්ශස් රෝගයේ විවිධ වර්ග තිබේ. මෙය පිරිමින්ට පමණක් සීමා වූ රෝගයක්‌ද නොවේ.
ලේ අර්ශස්, අභ්‍යන්තර අර්ශස්, ගුද භ්‍රන්ස, භගන්දරා මින් සමහරක් වේ. මෙහිදී බහුලව දැකිය හැකි අර්ශස් වර්ග හා කාන්තාවන්ට බහුලව වැළඳෙන අර්ශස් රෝග එය ඉදිරි ලිපි කිහිපයෙන් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි