20/08/2023
⛔හෘදයාබාධයක් ඇති වන්නේ හදවතට රුධිරය සහ ඔක්සිජන් යවන නාල අවහිර වූ විටය.☑️
----------------------==============
📵📵දරුනු හෘදයාබාධයක් ඇතිවිමට පෙර මෙම රෝග ලක්ෂණ සමහර විට දින, සති මාස හෝ වසර කිහිපයක් පැවතිය හැක.☑️☑️
පයින් යනවිට, පඩි පෙලක් නගිනවිට, වේගයෙන් යනවිට, මහන්සි වන විට පපුවේ කැක්කුමක්, දැවිල්ලක් හො හති ගතියක් , කලන්ත ගතියක් දැනිම.☑️☑️
මෙම අවස්තාවේ සාමාන්‍ය ලෙස ගන්නා ECG බොහොවිට නෝමල් වන අතර, හෘදයට රුධිරය සපයන නාල වල අවහිරයක් ඇත්තෙද යන්න බලා ගැනිමට ,ව්‍යායාම ECG පරික්ෂණය , CT ඇන්ජියොග්‍රෑම් (මෙය කිසිම වේදනාවක් නැති පරික්ෂණයකි) හෝ ඇන්ජියොග්‍රම් පරික්ෂණය කිරිමට සිදුවේවි.
මෙම රෝග ලක්ෂණ නොමැතිවද කෙලින්ම දරුනු හෘදයාබාධයක් ඇති විය හැකිය .📵📵
-----------------------------=============
📛📛හෘදයාබාධ රෝග ලක්ෂණ 📛📛
✡️පපුවේ අපහසුතාවයක් හෝ වේදනාවක්.
මෙම අපහසුව හෝ වේදනාව විනාඩි කිහිපයකට වඩා පවතින පපුවේ තද කැක්කුමක්, පීඩනයක්, හෝ මිරිකීමක් හො දැවිල්ලක් ලෙස දැනිය හැක.
✅✅ මෙම අවස්ථාවේ දාඩිය දැමිම, කලන්තය ඇති වේනම් බොහොවිට එය හෘදයාබාධක් විය හැක
✡️මෙම වේදනාව හෝ අපහසුව පපුවෙන් ඔබ්බට උරහිස්, අත්, පිටුපස, බෙල්ල, දත් හෝ හකු දක්වා පැතිර යා හැක. සමහර අයට පපුවේ අපහසුතාවයක් නොමැතිව ඉහත සදහන් ශරිර කොටස් වල පමනක් වේදනාව දැනෙ.
✅✅ මෙසේ පැතිර යන්නෙ නම් බොහොවිට එය හෘදයාබාධයක් විය හැක
✡️බඩේ ඉහල කොටසේ වේදනාව හො දැවිල්ල මෙන් දැනෙන්නට පුළුවන. විශේෂයෙන් මේ සමග ඔබට ක්ලෙන්ත ගතියක් හෝ අදික දහඩිය දැමිමක් ඇති වේ නම් මෙය හර්දයා බාදයක් විමට ඇති ඉඩකඩ ඉහලයි.
🔹මෙය ගැස්ට්‍රයිටිස් කියා සිතා ජිවිත අහිමි කර ගත් අය බොහොමයක් ඇත.
✡️ ඔබට හුස්ම හිරවීම හෝ ගැඹුරු හුස්මක් ගැනීමට අවශ්‍යතාවයක් දැනිය හැකිය. පපුවේ අපහසුතාවයක් ඇතිවීමට පෙර මෙය බොහෝ විට සිදු වේ.
✡️ සමහර අයට පපුවේ අමාරුවක් දැනෙන්නෙ නැහැ. නමුත් ජිවිතය පිලිබද බයක් හෝ පැහැදිලි හේතුවක් නොමැතිව ඔබ භීතියට පත් වී ඇති බවක් දැනෙන්නට පුළුවන.
✡️ පපුවේ පීඩනය දැනෙනවාට අමතරව, ඔබට කරකැවිල්ල දැනෙන්නට පුළුවන, නැතහොත් ඔබ පාවෙන බවක් දැනේ. ✡️ඔබට හදිසියේ සීතල, කැටි ගැසුණු සමක් සමඟ දහඩිය දැමිම සහ ඇගට අප්‍රාණික බවක් දැනිම.
✡️ඔක්කාරය හා වමනය සහ ඇගට පන නැති බව දැනෙන්නට පුළුවන.
✡️පපුවෙ ගැස්ම. ඔබේ හදවත ගැහෙන බව ඔබට දැනෙන්නට පුළුවන,
✡️දියවැඩියාව ඇති සමහර රෝගින්ට පපුවෙ වේදනාවක් නොදැනෙන අතර, ඉහත කි ආකාර වලින් රෝග ලක්ශන එකක් හො කිහිපයක් ඇති විය හැක--------======================
⛔⛔ඔබට හෘදයාබාධයක් හැදුනු විට ඔබ කුමක් කල යුතුද?
✡️ඔබට හෘදයාබාධයක් හැදුනු විට සිත කලබල කර ගන්න එපා, පුලුවන් තරම් සන්සුන් වෙන්න.
✡️ඔබට පහසු ඉරියවුවකින් සිටින්න,
හෘදයාබාධයක් අතරතුර, වැතිර සිටීම, කෙළින් ඉඳගැනීම හෝ නැගී සිටීම වෙනසක් ඇති කරයිද?
ඒකෙන් ලොකු වෙනසක් කරන්න ඉඩක් නැහැ. මහාචාර්ය චින් පවසන්නේ, "බොහෝ මිනිසුන්ට දැඩි අපහසුතාවයක් දැනෙනු ඇති අතර, වැතිරීමට අවශ්‍ය වනු ඇත.
සමහර පුද්ගලයින් තුළ ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනෙන්නට පුළුවන, එබැවින් කෙළින් වාඩි වීමට අවශ්‍ය වේ. රොගියාට පහසුම ඉරියව්වක සිට්ම අවශ්‍යයි
🔯ඔබ තනිව සිටීන්නෙ නම් ලගම සිටින කෙනෙකුට ඉක්මනින් එන්න කියා දුරකතන ඇමතුමක් කෙටියෙන් දෙන්න.
🔯පපුව තද කරන්න එපා,
🔯 බොහො අය තුල ඇති වැරදි මතයක් වන්නෙ රොහලට යන තෙක් කහින්න යන්නයි, ඔබ කල යුතු වන්නෙ හැකි තරම් විවෙකව ,මහන්සි නොවි සීටීමයි.American Heart Association and British Heart Association පවසන්නේ මෙය වැරදි මතයක් වන අතර අන්තර් ජාලය සහ සාමජ මාද්‍යය ඔස්සේ මෙම වැරදි මතය පතුරැවා ඇති බවයි.
🔯ඇස්ප්‍රින් තිබෙනම් 300mg ක් හපලා කන්න.
🔯දිවයට තියෙන පෙති හො ස්ප්‍රෙ තිබේනම් ගන්න.
🔯ලගම ඇති රෝහලට ඉක්මනින් යන්න,
🔯ඔබ වාහනය පදවන්න එපා,
🚫🚫වැරදි මත,
❌පලමු ඉ සි ජි (ECG) පටිය නොමල් නිසා එය
හෘදයාබාධයක් නොවන බව සිතිම.
✅✅ පලමු ECG එක නොමල් වි පසුව ගන්නා ECG වෙනස් විය හැක
✅✅ ECG නොමල් වුවද හෘදයාබාධයක් විය හැක
❌පපුවෙ දැවිල්ල ගැස්ට්‍රයිටිස් ලෙස සැම විටම සිතීම
✅✅ හෘදයාබාධයකදි පපුවෙ දැවිල්ල පමනක් වුවද ඇති විය හැක.
❌මගෙ ECHO (එකො ) පරීක්ෂණය නොමල්, එම නිසා මෙය හෘදයාබාධයක් නොවෙ.
✅✅, සාමාන්‍ය ECHO පරික්ෂණයක් මගින් හෘදයාබාධයක්ද කිම ,හො ඔබගේ හෘද නාල අවහිර වි ඇතිද යන්න කිම අසිරුය.
=================================
🔯🔯🔯වාසනාවකට මෙන්, ඔබට හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා ඔබට පාලනය කළ හැකි සාධක කිහිපයක් තිබේ:
🔯දුම්පානය නවත්වන්න සහ දෙවන දුම් පානයට නිරාවරණය වීම අවම කරන්න.
🔯සෞඛ්‍ය සම්පන්න ආහර වේලක් ගන්න
සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වේලක්. සීනි,අධික මේද අධික සැකසූ ආහාර, ට්‍රාන්ස් මේද සහ ලුණු අධික ආහාර වේලක් හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරයි.
පලතුරු, එළවළු, කෙඳි සහ සෞඛ්‍ය සම්පන්න තෙල් ඕනෑ තරම් අනුභව කරන්න.
🔯ආතතිය. අධික කෝපය වැනි චිත්තවේගීය ආතතිය හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම වැඩි කරයි.
🔯නීති විරෝධී මත්දුවය භාවිතය. කොකේන් ඇම්ෆෙටමින්, මර්ජුවානා, සහ,අයිස්,මගින් හෘදයාබාධය ඇතිකරයි .හදවතට රැධිරය සපයන නාල හැකිලවිම මගින් මෙය සිදු වේ.
🔯ඔබේ ආහාර වේලෙහි වෙනස්කම් කිරීමෙන්, බර අඩු කර ගන්න, ඉදිරීයෙදි බර අඩු කර ගැනිම පිලිබද සම්පුර්ණ ලිපියක් මෙම page එකේ පල කරනවා.
🔯 කොලෙස්ටරෝල් පරික්ෂණය කරගන්න, ආහාර , ව්‍යායාම හෝ බෙහෙත් මගින් එය නියමිත මට්ටමෙ තබා ගන්න
🔯 ඔබෙ ප්‍රෙශර් එක පරික්ෂා කර ගන්න
එය වැඩි නම්, ක්‍රමානුකූලව ඖෂධ ගැනීමෙන් අධි රුධිර පීඩනය පාලනය කරගන්න, මෙම බෙහෙත් දිනපතා නියම කර ඇති පරිදි ගත යුතුයි,
📛 සමහර රෝගීන් දිගටම බෙහෙත් ගත්තද දින කිහිපයක් මග හැරිම නිසා එම දිනවලම හර්ට් ඇටැක් හො අන්ශබාගය සැදුනු රෝගින් මා දැක ඇත.
🔯 රැධිරයේ සීනි මට්ටම පර්ක්ෂා කර ගන්න
ඔබ දියවැඩියාව හො පුර්ව දියවැඩියා අවදියෙ සිටි නම් එය පාලනය කර ගන්න,
පුර්ව දියවැඩියාව ඇති රොගින්ට ද හෘදයාබාධ ඇති විමෙ අවදානම වැඩ් බව සිතෙ තබා ගන්න.
දියවැඩියා රෝගීන් ඔවුන්ගේ රුධිර සීනි පාලනය කළ යුතු අතර ඔවුන්ගේ ප්‍රතිකාර සැලසුම්වලට අනුවම ගන්න,
🔯 ව්‍යායාම කරන්න. සතියකට අවම වසයෙන් මිනිත්තු 150ක් වත් ව්‍යායාම කරන්න
🔯ඔබේ මත්පැන් පානය සීමා කරන්න. ඔබ මත් පැන් ගන්න පුද්ගලයෙක් නම් සතියට unit 12 ට වැඩියෙන් නොගැනිමට වග බලා ගන්න
🔯ගැඹුරු හුස්ම ගැනීම හෝ යෝග වැනි ලිහිල් කිරීමේ ක්‍රම සමඟ ඔබේ ජීවිතයේ ආතතිය අඩු කරන්න
==========================
🚫ඔබගෙ පවුලෙ අයට හෘදයාබාධ හෝ අන්ශබාගය විශේෂයක් අඩු වයසෙන් හැදි ඇති නම් ඔබ වඩා සැලකිලිමත් විය යුතුයි
==============================
ඔබට ඇති ඕනෑම මේ සම්බන්ද ගැටලුවක් Comment එකෙන් අසන්න.
කායික රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය
බන්දුල සත්කුමර