PRADA MASK

PRADA MASK All Kind of face Masks , Gloves @ Sanitizer
Medical equipment's

03/03/2023

පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ මහත්තයා සහභාගි වුණු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා.
ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවක් ඇතිවුනා.. කපුගේ එතැනට ගියා.
“මොකද්ද ප්‍රශ්නෙ..?“ කපුගේ අහනවා.
“නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස් වලටයි වාදක මණ්ඩලටයි තමයි ටිකක් අඩු.“
ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයා හෙමිහිට කපුගේට කියනවා.
“හරි දැන් ඔය තියෙන සල්ලි වලින් ඒ ගණුදෙනුව පියවන්න පුළුවන් ද..?“ කපුගේ අහනවා.
“ඔව් සර්. ඒත් එතකොට සර්ට ගෙවන්න අමාරු වෙනවා.“ සංවිධායක ආයෙත් කිව්වා.
“ඒකට කමක් නෑ. වාදක මණ්ඩලයටයි සවුන්ඩ්ස්වලටයි ගෙවලා, ඒක දැන් ඉවරයක් කරන්න.“ කපුගේ කියනවා.
“එහෙමනම් සර් මට හෙට දවස දෙන්න. දවල් දොළහට කලින් මම රජරට සේවයට ඇවිත් සර්ගෙ සල්ලි බේරන්නම්“
සංවිධායකතුමා බොහොම යටහත්ව කියනවා.
කපුගේ නිශ්ශබ්දව එතැනින් නික්මුනා. පසුව ඔහුට ඇරෙන්න අනෙක් අයගේ ගණුදෙනු බේරනවා. කපුගේ රාත්‍රියේම වාහනයෙන් අනුරාධපුරයට එනවා.
පහුවෙනිදා උදේ කපුගේ කාර්යාලයේ තමන්ගේ කාමරේ ස්වර ප්‍රස්ථාර වගයක් ලියමින් ඉන්නවා. දවල් දොළහට විතර දෙන්නෙක් ඔහුව හමුවන්න කාර්යාලයට ඇවිත් කපුගේ ඉන්න කාමරයට ආවා.
කපුගේ ලියමින් සිටි ස්වර ප්‍රස්ථාර කොලයෙන් දෑස් මෑත්කොට හිස එසෙව්වා.
“එන්න ඇතුළට“ කපුගේ පුටුවෙ හරිබරි ගැහුණා.
ප්‍රසංග සංවිධානය කළ අමරසිංහයි තවත් කෙනෙකුයි ඇවිත්.
“සර් පරක්කු වුණාට සමාවෙන්න. සර්ගෙ සල්ලි දීලායන්න ආවේ.“ සංවිධායකතුමා බොහොම හිමිහිට කියනවා.
කපුගේ කිසිවක් නොකියා හිනාවුණා. උඩ සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කිහිපයක් ඔහු දෝතින්ම කපුගේට දෙනවා.
කපුගේ එම මුදල් මේසය මත තියෙනවා. ඔහුගේ නෙත් යොමුවී තිබුණේ මුදල් නෝට්ටු දෙස නොවේ. සවිධායක අමරසිංහ මුදල් සාක්කුවෙන් එළියට අදින විට ඒ සමඟ එළියට ආ කඩදාසිය වෙතයි. එම කඩදාසිය කඩිනමින් ආපසු සාක්කුවටම දාගන්න අයුරුත් කපුගේ දැක්කා.
“කොහෙන්ද හදිසියේ අද උදේම සල්ලි හොයා ගත්තේ..?“
කපුගේ අහනවා.
අමරසිංහ කිසිවක් නොකියා තම මිතුරා දෙස බලනවා. මිතුරා බිම බලා ගත්තා.!
“කොහොමද සල්ලි හොයා ගත්තේ..?“ කපුගේ නැවත අහනවා.
අමරසිංහ වෙනුවට මිතුරා උත්තර දෙනවා.
“නෑ සර්. අපි උදේම බැංකුවට ඇවිත් පොඩි බඩුවක් උකස් තියලා සල්ලි ගත්තා. ප්‍රශ්නයක් නෑ සර්.“ මිතුරා සෙමින් උත්තර දෙනවා.
“කෝ ඔය සාක්කුවෙ දාගත්ත රිසිට් එක මෙහාට දෙන්න.“
කපුගේ අත දිගු කරනවා.
අමරසිංහ යමක් කියන්න උත්සාහ කරනවා.
ඒත් ඊට කලින් කපුගේ ආපහු කතා කරනවා.
“ඕක මෙහාට දෙන්න“ කපුගේ අත දිගුකර ගත්ත ගමන්. අකමැත්තෙන් වුණත් අමරසිංහ රසිට්පත කපුගේගෙ අතේ තබනවා. ඔහු එය දිගහැර බලනවා.
“වළල්ලක්නෙ තියලා තියෙන්නෙ. කාගෙද වළල්ල..?“ කපුගේ අහනවා.
“ලොකු දුවගෙ වළල්ල සර්. ප්‍රශ්නයක් නෑ. ලබන මාසේ ගොයම් කැපුවාම ඒක බේරගන්න පුළුවන්. රත්තරන් බඩු තියෙන්නෙ මේ වගේ හදිසියකට බැංකුවට තියන්නනෙ සර්.“
අමරසිංහ කියනවා.
“වළලු තියෙන්නෙ බැංකුවල තියෙන්න නොවෙයි මනුස්සයො, අතේ දාන්න. “ මේසෙ උඩ තියෙන මේ මුදල් ටිකයි බැංකු රිසිට් පතයි අමරසිංහ දිහාට අතින් තල්ලු කරන ගමන් කපුගේ කියනවා.
“නෑ සර් කමක් නෑ. මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම වළල්ල බේරගන්නම් සර්.“ අමරසිංහ නැවත කියනවා.
“දැන්ම ආපහු ගිහින් මේ සල්ලි බැංකුවට බැඳලා වළල්ල අරන් ගිහින් දුවගෙ අතේ දානවා. ගොයම් කැපුවාම මට සල්ලි ගෙනත් දෙන්න.“. එහෙම කිව්ව කපුගේ නැවත ස්වර ප්‍රස්ථාර කොළ අතට අරන් මොනව දෝ ලියනවා.
“සර්...“ අමරසිංහ නැවත මොනව දෝ කියන්න උත්සාහ කරනවා.
“හරි හරි දැන් ගිහින් මම කිව්ව දේ කරන්න. මට වැඩ තියෙනවා. දැන්ම යන්න බැංකුව වහන්න කලින්.“
කපුගේ ප්‍රස්ථාර කොළ දිහා බලාගෙන එහෙම කියනවා.
මුදල් නෝට්ටු කිහිපයත් බැංකු උකස් රිසිට් පතත් අතේ ගුලි කර ගත්ත අමරසිංහ මිතුරාත් එක්ක කාමරයෙන් පිට වෙනවා.
“මේ වගේ මිනිස්සු රටේ ඉන්නවද..?“ මිතුරා අමරසිංහගෙන් අහනවා. ඒකට අමරසිංහ උත්තර දුන්නෙ නෑ..!
ඔහුගේ පපුවට ලොකු බරක් දැනුණා.
ඒ බර, මේ සටහන කියවන ඔබටත් දැනෙයි. ඒක පුදුමයක් නෙවෙයි. 😐
" සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන "

copied

03/03/2023

ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනව කියල මම හිතනවා.. මෙය ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්.. ඒ 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබූවක්.. කිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බලන කෙනෙක්ට පෘථිවිය පේන විදිහ මේ ඡායාරුපයෙන් පෙන්නුම් කරනවා.. සෞරග්‍රහ මණ්ඩලය තුල ඉතාමත්ම පුංචි නිල්පාට තිතක් විදිහට දිස්වන ඒ ඡායාරුපය ප්‍රසිද්ධ වෙන්නෙ Pale Blue Dot කියන නමෙන්..

මේ ඡායාරූපයට වශී වුන කාල් සේගන් නම් විද්‍යාඥයා ලියපු වචන කිහිපයක් මේ..

"අර පෙනෙන කුඩාම කුඩාම තිත දෙස බලන්න.. ඒ තමයි අපි.. ඒ තමයි මෙතන.. අපේ ගෙදර.. ඒ තිත ඇතුලේ තමා ඔබ දන්නා සියලුම දෙනා ඉන්නේ.. ඔබ ආදරය කරන සියලු දෙනා.. ඔබ දන්නා නොදන්නා සියලු දෙනා ජීවත් වෙන්නේ සහ ජීවත් වුනේ ඒ තිත ඇතුලේ.. අපි සතුටු වෙන්නෙත්, වේදනා විඳින්නෙත් ඒක ඇතුලේ ඉඳන්.. දහස් ගණන් ආගම්, දර්ශන, ආර්ථික ක්‍රම තියෙන්නේ ඒක ඇතුලේ යි..

දඩයක්කරුවත් - මංකොල්ලකරුවත් දෙන්නම ඉන්නේ ඒකෙ.. විරයත් - බයගුල්ලන් ඉන්නෙත් ඒකෙ.. ශිෂ්ටාචාරය හදන්නෙත් ඒකෙ - විනාශ කරන්නෙත් ඒකෙ.. රජවරු, වහල්ලු, මව් වරු, පියවරු, ගුරුවරු, සංචාරකයෝ, ප්‍රේමයෙන් වෙලුණු තරුණ ජෝඩු, බලාපොරොත්තු පිරුණු දරු පැටවු, දුෂිත දේශපාලකයෝ, සුපර් ස්ටාර්ලා, එකාධිපතියෝ, ශාන්තුවරු, පවුකාරයෝ ඔක්කොම ඉන්නේ අර පේන පුංචිම පුංචි තිත ඇතුලේ..

අපේ පෘථිවිය කියන්නේ විශ්වය ඇතුලේ බොහොම පුංචි තිතක්.. නමුත් හිතන්න මේ මොහොතේත් ඒ තිත ඇතුලේ එක කොනක පදිංචි පිරිසක්ව තවත් කොනක පදිංචි පිරිසක් විසින් ආක්‍රමණය කරමින් ඉන්නවා.. මේ පුංචි තිත ඇතුලේ ඒ මායිම් ලකුණු කරන්නවත් බැරි වුනාට ඒ දෙගොල්ලන්ගේ සිත් ඇතුලේ තියන තරහව, ක්‍රෝධය කොච්චර විශාල ඇත්ද? උන් උන්ව මරාගන්න උන්ට කොච්චර වුවමනාවක් තියනවා ඇත්ද? ඒ වෙනුවෙන් කොච්චර ලේ හැලෙනවා ඇත්ද? ඒ අර ඇහැට යාන්තන් පේන තිත බෙදා ගන්න බැරුව?

ඉතිං මිත්‍රවරුනි අන්තිමට මම කියන්න උත්සාහ කරේ මේකයි, ඒ තමයි ඔබ මම අපි හිතන තරම් අපි විශාල වත් දියුණු වත් නැහැ.. මේ තිත ඇතුලෙ ඉන්න ඔබෙන් මම එක දෙයක් විතරක් ඉල්ලන්නම්.. ඔබට යන්නට පුළුවන් තරම් ඉහලට යන්න.. ඒත් ඒ වෙනුවෙන් තව කෙනෙක් පහලට ඇද දමන්න තරම් මෝඩයෙක් වෙන්නට එපා.. මොකද අපි හැමෝටම වඩා ඉහලින් අපි නොදන්න තවත් බොහෝ දේවල් තියෙනවා.. ඒක මතක තියාගන්න.!

උපුටා ගැනීමකි

OLAN වර්ගයේ සුපිරිම sounds system එක විකිණීමට.. අමතන්න 0716697936
28/09/2022

OLAN වර්ගයේ සුපිරිම sounds system එක විකිණීමට.. අමතන්න 0716697936

Address

Wariyapola City
Wariyapola
60400

Telephone

+94716697936

Website

Alerts

Be the first to know and let us send you an email when PRADA MASK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to PRADA MASK:

Share