Citizens Hospital & Laboratory

Citizens Hospital & Laboratory Courteous Health Care For All..

28/11/2025

තුවාල තියාගෙන ගංවතුරෙ බැහැලා ඉන්න අය මතක ඇතුව ෆාමසි එකකින් Doxycycline 200mg අරගෙන බොන්න අදම.MOH Office වලින් සහ PHI මහත්තුරුන්ගෙන් නොමිලේ ගන්නත් පුලුවන්.
👆👆
සිටිසන් රෝහල් මතක් කිරීමක්

නව මුහුණුවරකින්..වඩාත් පුළුල් සේවාවන් රැසක් සමගින්..සිටිසන් රෝහල් පානදුර සම්ප්‍රාප්තියේ වාසි ඔබටත්..නොමිලේ වෛද්‍ය සායනය....
15/11/2025

නව මුහුණුවරකින්..
වඩාත් පුළුල් සේවාවන් රැසක් සමගින්..
සිටිසන් රෝහල් පානදුර සම්ප්‍රාප්තියේ වාසි ඔබටත්..
නොමිලේ වෛද්‍ය සායනය..
දිනය මතක තියා ගන්න..😇🏥 save the date..

Citizens Hospital - panadura..Now we are open..
19/10/2025

Citizens Hospital - panadura..
Now we are open..

01/08/2025

29/07/2025
දැනුමෙන් පොහොසත් හෙද පරපුරක් සමාජයට දායාද කරනු පිනිස වෛද්‍ය ප්‍රභාත් ලියනගේ මහතා විසින් පවත්වනු ලබන රුධිර පීඩනය සම්බන්ධ ...
05/07/2025

දැනුමෙන් පොහොසත් හෙද පරපුරක් සමාජයට දායාද කරනු පිනිස වෛද්‍ය ප්‍රභාත් ලියනගේ මහතා විසින් පවත්වනු ලබන රුධිර පීඩනය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩමුලුව අද දින (05/07/2025) සිටිසන් රෝහල් කාර්ය මණ්ඩලය ඇතුලු iva pera medical campus සහ royal lanka institute වැඩබිම් පුහුනු ලමුන් සදහා ඉතා සාර්ථකව පැවැත්වුනි..

වෛද්‍ය ප්‍රභාත් ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් සිටිසන් රෝහල් කාර්ය මණ්ඩලය විසින් වාර්ෂිකව පවත්වන ලබන අයිස්ක්‍රීම් දන්සල අද ද...
13/05/2025

වෛද්‍ය ප්‍රභාත් ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් සිටිසන් රෝහල් කාර්ය මණ්ඩලය විසින් වාර්ෂිකව පවත්වන ලබන අයිස්ක්‍රීම් දන්සල අද දින සාර්ථකව පවත්වන ලදී..

ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා..
12/05/2025

ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා..

කලුතර වස්කඩුව බන්ඩාරගම වාද්දුව ...ඔබ සැමට ආරාධනා..
05/05/2025

කලුතර වස්කඩුව බන්ඩාරගම වාද්දුව ...
ඔබ සැමට ආරාධනා..

UNITED SPORT CLUB 🏏🎖️🏆2025 වර්ෂය සඳහා එක්සත් ක්‍රීඩා සමාජයේ B කන්ඩායමේ නිල ඇඳුම් සදහා අනුග්‍රාහකත්වය ලබා දීමට Citizen Ho...
14/04/2025

UNITED SPORT CLUB 🏏🎖️🏆
2025 වර්ෂය සඳහා එක්සත් ක්‍රීඩා සමාජයේ B කන්ඩායමේ නිල ඇඳුම් සදහා අනුග්‍රාහකත්වය ලබා දීමට Citizen Hospital අපට අවස්ථාව ලැබුනි..සුබ පැතුම්..

ඔබටත්  වාහන  වල  යනවිට   හිසරදය , වමනය  ඇතිවෙනවානම්   මෙය  කියවන්න✅✅✅🔯මෝෂන්  සික්නස් ( Motion sickness)  ✅මෝෂන්  සික්නස්...
13/03/2025

ඔබටත් වාහන වල යනවිට හිසරදය , වමනය ඇතිවෙනවානම් මෙය කියවන්න✅✅✅

🔯මෝෂන් සික්නස් ( Motion sickness)

✅මෝෂන් සික්නස් ( Motion sickness)යනු මෝටර් රථයකින්, බෝට්ටුවකින්, ගුවන් යානයකින් හෝ දුම්රියකින් ගමන් කරන විට කරකැවිල්ල , වමනය සහ තවත් රෝග ලක්ෂණ දැනිමයි

🔯මෝෂන් සික්නස් ( Motion sickness) ලක්ෂණ

ක්ලාන්තය
ඔක්කාරය
කටට වැඩිපුර කෙල ඉනීම
වමනය
හිසරදය
සීතල සහ සුදුමැලි වීම දැනේ
දහඩිය දැමීම

🔯 මෝෂන් සික්නස් ( Motion sickness)ඔබම අඩු කරගන්නේ කෙසේද?

🔆චලනය අඩු කරන්න - වාහනයක ඉදිරිපස වාඩි වි යන්න

🔆 කෙළින්ම ඉදිරිය බලාගෙන යන්න, දෙපැත්ත බලන්න එපා
ඉදිරියේ ඇති ඇස් මට්ටමෙ දෙවල් පමනක් බලන්න

🔆 ඔබේ ඇස් වසා ගැනීමට, උත්සාහ කරන්න.

🔆හැකි නම් නැවුම් වාතය ආශ්වාස කරන්න - උදාහරණයක් ලෙස, වාහනයෙ කවුළුවක් විවෘත කිරීමෙන්

🔆ඔබේ හුස්ම ගැන අවධානය යොමු කරමින් ඔබේ ඇස් වසා සෙමින් හුස්ම ගන්න

🔆කතා කිරීමෙන්, සංගීතයට සවන් දීමෙන් හෝ ගීත ගායනා කිරීමෙන් දරුවන්ගේ අවධානය වෙනතකට යොමු කරන්න

🔆එක දිගට දිග ගමනක් යනවානම් අතර මැද කිහිප ස්තානයකින් නවත්වා ,වහනයෙන් බැස ටික වේලාවක් සිට ගමන කොටස් වලට කඩා ගන්න

🔯 ඉඟුරු සහිත බිස්කට් , තේ පානය කරන්න
ඉඟුරු මූල ☑️☑️
ඔක්කාරය සඳහා බහුලව භාවිතා වන පිළියමක් වන ඉඟුරු මූල බොහෝ විට ලොසින්ජස්, තේ, බිස්කට්, ඉගුරු ටොෆි ලෙස ගත හෑක.


❌මේ දේවල් කරන්න එපා

🔆 පොත් ,පත්තර කියවීම, චිත්‍රපට නැරඹීම හෝ ඉලෙක්ට්‍රොනික උපකරණ, ෆොන් භාවිතා නොකරන්න

🔆 මෝටර් රථ පසුකර යාම හෝ රළ පෙරළීම වැනි චලනය වන වස්තූන් දෙස නොබලන්න

🔆ගමනට ටික වේලාවකට පෙර හෝ ගමන් අතරතුර බර ආහාර, කුළුබඩු සහිත ආහාර හෝ මත්පැන් පානය නොකරන්න

🔆 ආහාර ගැනිමෙදි කුඩා ප්‍රමාන වලින් ගන්න

🔆හදිසි හෝ වේගවත් හිස හැරවිමෙන් වළකින්න, ඔබට හැකි නම්, ඔබේ ආසනය පිටුපස ඔබේ හිස තබා ගන්න හෝ ඔබේ ඇස් වසාගෙන නිදාගන්න.

🔯මෝෂන් සික්නස් ( Motion sickness) හේතුව කුමක්ද

🔆වාහනයක වංගු හරහා යාම හෝ බෝට්ටුවක, ගුවන් යානයක හෝ දුම්රියක ඉහළට පහළට ගමන් කිරීම වැනි ගමන් කිරීමේදී නැවත නැවත චලනයන් මෝෂන් සික්නස් ( Motion sickness)

🔆අභ්‍යන්තර කන ඔබේ ඇස්වලින් දකින විවිධ සංඥා ඔබේ මොළයට යවයි. මෙම ව්‍යාකූල පණිවිඩ මඟින් ඔබට මෝසන් සික්නස් ( Motion sickness) ඇති විය හැකිය.

🙏මෙම රෝගය ඔබට තිබෙනම් ගමන් යාම නවත්වන්න එපා මේ සදහා බෙහෙත් තියෙනවා , මෙ බෙහෙත් පෙති මුදලින් ඉතාමත් අඩුයි,

📵ගමන පටන් ගන්න මිනිත්තු තිහකට පෙර පලමු මාත්‍රාව ගන්න,
ඉලග මාත්‍රා

🌐පෙනගර්න්(promethasine) නම් ඉන්පසුව පැය 12 කට වරක් ගතයුතුයි.
🌐 සිනරසින් (cinaracine) නම් පැය 8 කට වරක් ගත යුතුයි .
මීට අමතරව තවත් බෙහෙත් වර්ග කිහිපයක් ඇත,
👍👍ඔබේ වෛද්ය වරයාගෙන් බෙහෙතේ නම සහ ගත යුතු මාත්‍රාව පිලිබද දැන ගන්න , වැඩි හිටි අයට සහ කුඩා අයට ගතයුතු බෙහෙත් ප්‍රමාණ (මාත්‍රාව)වෙනස් බව සලකන්න .🙏

✅✅ඉහත ක්‍රම සහ අවශ්‍යය නම් බෙහෙත් පාවිච්චි කර නිතර වාහන වල කාලයක් ගමන් කිරිමෙන් මෙම රොගය ඉබේම සුව වේ.

🔰කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය
බන්දුල සත්කුමර, ශික්ෂණ රෝහල, කුලියාපිටිය
( උපුටා ගැනීම , වෛද්‍ය බන්දුල සත්කුමර මුහුනු පොතෙන් )

Address

Banadaragama Road
Waskaduwa
12580

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Citizens Hospital & Laboratory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category