16/02/2026
🔰මානසික රෝග🔰
මනස සහ ශරීරය එකිනෙකට ඉතා තදින් බැඳී ඇති අතර, මනෝ ආබාධ බොහෝ විට ශරීරයේ දෝෂ අසමතුලිතතාවයන් සමඟම ඇතිවිය හැකිය. ආයුර්වේදයට අනුව වාත, පිත, කප දෝෂ අසමතුලිත වීම මගින් මනෝ රෝග බොහෝවිට උත්පන්න වේ. නිසි ආහාර, ඖෂධ, පංචකර්ම, යෝගා, භාවනා සහ යහපත් ජීවන රටාව මගින් මනස සුවපත් කරගැනීම ආයුර්වේදයේ ප්‍රධාන අරමුණ වේ.
1. සමාජ භීතිකාව (Social Anxiety Disorder)
පිරිසක් අතර සිටින විට දැඩි භීතිය, ලැජ්ජාව, හෘදස්පන්දනය වැඩි වීම, කථා කිරීමට අපහසු වීම වැනි ලක්ෂණ ඇති වේ.
ආයුර්වේදය අනුව මෙය වාත දෝෂය වැඩිවීම හා මනෝ දුර්බලතාවය නිසා ඇතිවිය හැක.
2. භින්නෝන්මාදය (Schizophrenia)
යථාර්ථය නිසි ලෙස අවබෝධ කරගැනීමට අපහසු වීම, අසත්‍ය දේ දකින/ඇසෙන බව හැඟීම, විකෘති සිතුවිලි, සමාජයෙන් වෙන්වීම වැනි ලක්ෂණ පෙන්වයි.
මෙය ගැඹුරු මනෝ අසමතුලිතතාවයක් ලෙස සැලකේ.
3. විශාදය (Depression)
දිගු කාලයක සිට දුක, උදාසීනත්වය, උනන්දුව නැතිවීම, ආහාර/නින්ද වෙනස් වීම, ජීවිතය ගැන ඍණාත්මක සිතුවිලි ඇතිවීම. මෙය කප දෝෂය හා තමස් ගුණය වැඩිවීම සමඟ සම්බන්ධ වේ.
4. උන්මාද (Mania / Bipolar Disorder)
අධික උද්දීපනය, නින්ද අඩු වීම, අතිශයින් කථා කිරීම, අධික විශ්වාසය, අසමාන්‍ය හැසිරීම් පෙන්වයි. වාත හා පිත දෝෂ අසමතුලිතතාවය ප්‍රධාන වේ.
5. පෞර්ෂත්ව විශමතා (Personality Disorders)
අන් අය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට අපහසු වීම, හැඟීම් පාලනය නොවීම, අසමාන්‍ය සිතුවිලි රටාවන් ඇති වීම.
මෙය මනෝ සංවර්ධනයේ දෝෂයක් ලෙස සැලකේ.
6. මනෝ-කායික ආබාධ (Psychosomatic Disorders)
මානසික ආතතිය හේතුවෙන් ශාරීරික රෝග ලෙස පෙනී යන තත්ත්වයන් (උදා: උදර වේදනා, හිසරදය, අධිරුධිර පීඩනය). මෙහිදී මනසින් උත්පන්න වූ රෝග ශරීරයෙන් ප්‍රකාශ වීම සිදුවේ.
7. නින්ද නොයාම (Insomnia)
නින්දට යාමට අපහසු වීම, නිතර ඇහැරීම, සුව නින්ද නොලැබීම.
වාත දෝෂය වැඩිවීම හා මනෝ ආතතිය ප්‍රධාන හේතු වේ.
8. OCD (Obsessive Compulsive Disorder)
නිතර නැවත නැවත එකම සිතුවිල්ල , එකම ක්‍රියාව නැවත නැවත කිරීම ආදී ලක්ෂණ ඇති වේ. උදා:-අතිශයින් අත් සේදීම, දොර වසා ඇතිදැයි නිතර පරීක්ෂා කිරීම
9. Autism (Autism Spectrum Disorder)
කුඩා වියේ සිටම සමාජ සන්නිවේදන ගැටලු, කථනය ප්‍රමාද වීම, එකම ක්‍රියාවන් කිහිප වරක් , එකම රටාවකට ඇලුම් කිරීම, තනිව සෙල්ලම් කිරීම ආදී ලක්ෂණ ඇති වේ.
10. ADHD (Attention Deficit Hyperactivity Disorder)
අවධානය පවත්වා ගැනීමට අපහසු වීම, අධික චලනය, කෑ ගැසීම, ඉක්මන් තීරණ ගැනීම, ඉගෙනීමට අපහසු වීම ආදි ලක්ෂණ ඇති වේ.
වාත දෝෂය වැඩිවීම හා මස්තිෂ්ක ක්‍රියාකාරිත්ව අසමතුලිතතාවය මීට හේතු වේ.
මෙම රෝග සඳහා සුදුසු ප්‍රතිකාර පද්ධති සහ ක්‍රම මගින් මූලික හේතුවට ප්‍රතිකාර කර, රෝගය පාලනය කරමින් දිගුකාලීන සුවය ලබාදීම ආයුර්වේදයේ අරමුණයි.
🟢 ගම්පහ වෙද මැදුර 🟢
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
👉 නිසි පුහුණුව ලත් උපාධිධාරී වෛද්‍ය නිලධාරින් වෙතින් ඔබගේ රෝගී තත්ත්වය සදහා නිසි ප්‍රතිකාර අපෙන්...
🕉️ වෛද්‍ය තිළිණ විතානගම ( කැලණිය විශ්වවිද්‍යාලය )
🕉️ වෛද්‍ය පියුමි සෙනෙවිරත්න ( කොළඹ විශ්වවිද්‍යාලය )
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
📮 ගම්පහ වෙද මැදුර
ඇඹරළුව පාර,
වැලිවේරිය
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
සඳුදා, බදාදා, සිකුරාදා - පෙ.ව 8.00 සිට ප.ව 12.00 දක්වා
සෑම සතියේ දිනකම ප.ව 4.30 සිට ප.ව 7.30 දක්වා
⭕ඉරිදා සහ පෝය දිනවල වසා ඇත.
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
☎️අමතන්න -
0️⃣7️⃣2️⃣ - 9️⃣3️⃣ 3️⃣ 9️⃣3️⃣ 7️⃣3️⃣
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
📌️Location -
https://maps.app.goo.gl/BKyVsgCWAjF9LGG87
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••