07/04/2019
මේ දිනවල රූපවාහිනිය බලන ගුවන් විදුලිය ශ්‍රවණය කරන හැමෝටම වැඩි වශයෙන් දකින්න අහන්න තියන දැන්වීම් අතරින් ආයුර්වේද නිෂ්පාදන පිළිබඳ දැන්වීම් පෙරමුණ ගෙන ඇත.
එවැනි ඇතැම් නිෂ්පාදන කිසියම් රෝගයකට සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර කල හැකි යයිද සමහරක් නිෂ්පාදන රෝග කිහිපයකට නිට්ටාවටම සුව දෙනවා යැයිද අප හට ඒත්තු ගන්වයි.
එහෙත් ආයුර්වේදයට අනුව නම් කිසියම් රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී රෝගියා මෙන්ම රෝගී අවස්ථාවද නිසි ආකාරයෙන් නිර්ණය නොකොට බෙහෙතක් යෙදීම අකැපය.
මන්ද යත් රෝගියාගේ ප්‍රකෘතිය,වයස, ස්ත්‍රී පුරුෂභාවය, ආදී බොහෝ කරුණුත් රෝගය පවතින කාලය, රෝග නිදාන, රෝගයේ අවස්ථාව (මුල්, මැද, අග) ආදී රෝගයට අදාල කරුණුත් සැලකිල්ලට ගෙන ඒ ඒ අවස්ථාවට යෙදිය යුතු ඔසුව වෙනස්ය. මේ සියල්ල නිර්ණය කල හැක්කේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට වන අතර යථෝක්ත වෙළෙඳ ප්‍රචාරණ වල දැක්වෙන නිෂ්පාදන බොහෝමයක් මෙකී කිසිදු පූර්ව නිර්ණයකින් තොරව යෙදීමෙන් සිදුවිය හැකි හානිය කෙතරම් දැයි ඔබට වැටහෙනු ඇත.
සැබැවින්ම මෙවැනි නිෂ්පාදන භාවිතා කල කිහිපදෙනෙකුට හැර බොහෝමයකට සිදුව ඇත්තේ වදින්න ගිය දේවාලය ඉහේ කඩා වැටීමය. තත්වය මෙසේ වුවුද ඔවුන්ගේ දෝෂාරෝපණය එල්ල වන්නේ එකී නිෂ්පාදන වලට වඩා ආයුර්වේද වෛද්‍ය ක්රමයටය.
මෙලෙස බොහෝ වියදම් කොට ප්‍රචාරණය කරන නිෂ්පාදන බොහෝමයක් නිෂ්පාදන කරන්නේ හුදු ලාභයක් ලබා ගැනීමට විනා රෝගී ජනතතාවට සෙත සැලසීමට නොවන බව බුද්ධිමත් ඔබ වටහා ගත යුතුය.
මෙවැනි නිෂ්පාදන බොහෝමයක් අධික මිලකින් යුත් අතර කූට නිෂ්පාදකයා ඔවුන්ගේ පළමු නිෂ්පාදන අලවියෙන්ම තම ලාභය උපයා ගැනීමට උත්සහ කරයි.
තවද, අතීතයේ දී ආයුර්වේද තබා ශාකසාර යන වචනයවත් නොයෙදූ ඇතැම් බහු ජාතික සමාගම් වල නිෂ්පාදන දැන් දැන් ආයුර්වේද නාමය යොදාගනිමින් ප්‍රචාරණය කරයි.
මන්දයත් අද වනවිට පාරිභෝගික ජනතාව කෘතීම රසායනික නිෂ්පාදන වලට තිත තබා ස්වාභාවික නිෂ්පාදන වලට ගමන් කිරීමයි.
මෙහිදී එකී පුද්ගලික සමාගම් වල අභිප්‍රාය නම් හුදෙක් තම වෙළෙඳාම වඩා වර්ධනය කර ගැනීම විනා අපට හිතකර නිෂ්පාදන ලබාදීම නොවන බව කිව යුතුය.
එබැවින් මෙවැනි නිෂ්පාදන භාවිතායට පෙර එක වරක් නොව සිය දහස් වාරයක් සිතා බැලීම නුවණට හුරුය.