Dr Renuka Vithanage

Dr Renuka Vithanage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Renuka Vithanage, Fertility Doctor, No208, Suwasewana, Angampitiya, Waikkala, Wennappuwa.

17/09/2019

ඔසප් ගැටලු ඇති කාන්තාවන්ට දරුපල නැති වෙනවා ද?

දරුවකු පිළිසිඳ ගැනීමේ ක්‍රියාවලියට ඔසප් චක්‍රය අත්‍යවශ්‍යම සාධකයක්. කාන්තාවක් වැඩිවියට පත් වූ පසු ඩිම්බ කෝෂ පරිණත වී ඩිම්බ නිපදවීම ආරම්භ වෙයි. මසකට වරක් ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිටවීම ඔසප් වීමේදී සිදුවෙයි. කාන්තාවකගේ කුස තුළ දරුවකු පිළිසිඳ ගන්නට නම් සජීවී පුරුෂ බීජයක් හා කාන්තා බීජයක් එක්වී සංසේචනයක් සිදුවිය යුතුයි. මේ නිසා ඔසප් ගැටලු ඇතිවීම නිසා දරුපල වලට බාධා වන්නේ ද යන්න පිළිබඳ බොහෝ දෙනාට ගැටලුවක් ඇත. සැබැවින්ම ඔබට ඔසප් ගැටලු තිබෙනවා නම් එය දරුපල ඇති වීමට හේතුවක් විය හැකි බැවින් ඒ ගැන වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍යයි.

🔴 ඔසප් වීමේ ගැටලු :-

දරු ප්‍රසූතියක් සිදුවීමට නම් මාසිකව ක්‍රමිකව ඔසප් වීම අත්‍යවශ්‍ය කාරණයකි. ඇතැම් කාන්තාවන්ට මාසිකව ඔසප් වීමේදී ඔසප්වීමේදී අධිකව රුධිර පිටවීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, උදරයේ අධික වේදනාවක් ඇතිවීම වැනි අපහසුතා ඇතිවිය හැකියි. නමුත් මෙම රෝගී තත්වය වෙනත් කාන්තා රෝගයකට සම්බන්ධ කාරණාවක් ද විය හැකියි එමෙන්ම මෙම රෝග ලක්ෂණ දරුපල වලට බාධා වන අවස්ථාද පවතී.

🔴 ක්‍රමවත්ව ඔසප් වීම :-

බොහෝ දෙනා බිය වන්නේ තම මාසික ඔසප් චක්‍රය නියමිත දින ගණනකදී සිදු නොවන විට ය. සෑම කාන්තාවකටම දින 28 කට වරක් මාසික ඔසප් වීම නියත කාරණයක් නොවෙයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. ඔසප් වූ දින සිට සති තුනක් ගතවූ පසු හෝ දින 35 කට පෙරද ඊළඟ ඔසප් ඔසප් වීම සිදුවීමට හැකියි. නැතිනම් සති 05 කට වරක් ඔසප් වීම සිදු වුවත් එය ගැටලුවක් නොවේ. එක් මාසයක් හෝ මාස දෙකක් ඔසප් වීම නතර වූ විට ඔබ අනිසි ලෙස බිය වී වෛද්‍යවරයෙකු වෙත යෑම අත්‍යවශ්‍ය නැත. නමුත් මාස 03 කට වරක් හෝ ඔසප් වීම සිදු නොවන්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසු වන අතර ඊට වඩා කාලයක් බලා නොසිටිය යුතු බවද මතක තබා ගන්න.

🔴 ඩිම්බ පරිණත නොවීම :-

වෙනත් රෝග සාධක කිහිපයක බලපෑමෙන්ද Polycystic Ovarian Disease එනම් ඩිම්බකෝෂයේ ඇතිවන ඩිම්බ පරිණත නොවීමේ රෝගී තත්වය නිසා ද දරුපල ප්‍රමාද විය හැකියි. මෙහිදී මසකට වරක් ඩිම්බයක් පිට නොවන්නේ නම් ලිංගිකව එක් වූවත් සංසේචනයක් සිදු නොවෙයි. දරුපල ප්‍රමාද වීමට එයද බලපායි. මෙවැනි කාන්තාවන්ට දරුවකු පිළිසිඳ ගැනීමට නම් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමට සිදුවෙයි.

🔴 වෙනත් රෝග :-

ඩිම්බ කෝෂයේ ඇති වන ඩිම්බ පරිණත නොවීමේ රෝගී තත්වය වෙනත් කාන්තා රෝග කිහිපයක බලපෑමෙන්ද සිදුවිය හැකියි.
එවැනි අයගේ,
• මවට හෝ පියාට දියවැඩියා රෝගය වැළඳී තිබීම
• සිරුරේ ස්ථූලතාව වැඩිවීම
• සිරුරේ රෝම වර්ධනය වැඩිවීම
උදරයේ, පියයුරු වටා, උඩු තොලේ රෝම වර්ධනය වැඩිවීම
• අත්යට හා බෙල්ල වටා අවපැහැ වීම
• අවුරුදු 35 ඉක්ම ගිය පසු දියවැඩියාව හා අධික රුධිර පීඩනය ඇතිවීම
• හිසකෙස් ගැලවී යෑම
වැනි රෝග ලක්ෂණ දැකිය.

නමුත් මේ සඳහා කාන්තාවන්ගේ ජීවන රටාවේ අවිධිමත් බව ද බලපාන අවස්ථා ඇත. අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝග ද, සිරුරේ නිසි හැඩය නොමැතිවීම නිසා තම ආත්ම විශ්වාසය ක්‍රමයෙන් අඩුවීමත් මෙයට බලපෑ හැකි නිසා යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යෑමටද උනන්දු වන්න. මෙහිදී ප්‍රතිකාර වලට අමතරව රෝගියාගේ කැපවීම ද තිබිය යුතුමය.

Address

No208, Suwasewana, Angampitiya, Waikkala
Wennappuwa

Telephone

0718435417

Website

Alerts

Be the first to know and let us send you an email when Dr Renuka Vithanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share