Paediatrics Unit - UHKDU

Paediatrics Unit - UHKDU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Paediatrics Unit - UHKDU, Hospital, University Hospital KDU, Werahera, Werahera.

ඒ බොරලැස්ගමුව ළමා උද්‍යානයයි...පුංචි නිකෙත් ආච්චි අම්මා හා අම්මාගේ අතේ එල්ලී දුවගෙන ගිහින් වෙනදා වගේ ඔන්චිල්ලාව වෙත දිව්...
14/12/2021

ඒ බොරලැස්ගමුව ළමා උද්‍යානයයි...පුංචි නිකෙත් ආච්චි අම්මා හා අම්මාගේ අතේ එල්ලී දුවගෙන ගිහින් වෙනදා වගේ ඔන්චිල්ලාව වෙත දිව්වේ හරීම සතුටින්
වෙනදා වගේ පුංච් සමනලුන් තැන තැන අම්මලා සමඟ සෙල්ලම් කරන අපුරුව බැසයන හිරුත් මඳ සුළඟත් හිමින් ගලායන නදියත් බලන් හිටියා
වෙනදා නිකෙත් බබා පොඩි දුරක් ගියත් වඩා ගන්න කියලා කරදර කරත් එදා ඇවිදින මංතීරුවේ අම්මාගේ අතේ ඔහේ ඇවිදගෙන ගියා
ඉතින් නැවත ගෙදර යන්න පාක් එකේ ඉදිරියට ඇවිත් වාහනේ එනකම් අපි ටික වෙලාවක් බලන් හිටියා
මන් පුතුට වාහනය එනකම් අහසේ තරු දිලිසෙන හැටි පෙන්නුවා
ඒත් පුතුගේ වෙනසක් මට දැණුනා
එයාගේ හිස එකපාරටම නැවූනා මගේ අතටම ඇඟ බරවුනා
ඇස් උඩ ගිහින් තිබුණා
එතනින් තම වාහනය වෙත ආ දරුවෙක් ගේ පියෙක් හයියෙන් කෑගහලා කිවුවා දරුවට ෆිට් එක වගේ
ඉක්මනට University Hospital KDU එකට එක්ක යන්න
ඔයාලා ඉක්මන් කරන්න දුවන්න දුවන්න...
එසේ කියන අතර අපි හැකි වේගයෙන් hospital
එකට ගියා
වහා දුවගිය අපි බබාව හදිසි ප්‍රතිකාර ඒකකයට ගිහින් වෛද්‍යවරුන්ට බාර දුන්නා
අපේ පියවි සිහිය නැතත් එවෙලේ ආ යෝධ විර්‍ර්යය නිසා දරුවා ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමු කිරීමට හැකිවුනා
ඒ කාලය තරම් අපේ හදවත් ගැහෙන
වෙලාවක් කවදාවත් ආවෙ නෑ
පුංචි නිකෙත් කෝමා තත්වයක හිටියේ
එහෙමෙහෙ දුවන කාර්‍ය මඩුල්ලත් අතොරක් නැති බට ආදියත් හදවතේ ශබ්දය මනින උපාකරනත් එවෙලේ යුධ පිටියක සිරි ගැනුණා
විවිධ උපකරනත් ඒ මේ අත යවන බට හා උපකරණ වලින් පුංචි සිරුර වසා ගෙන තිබුණා
දුරකථන මගින් පණිවිඩ හුවමාරු කරගනිමින් ඒ අපූරු ජීවකයෝ
පුතුගේ ජීවිතය ගොඩගන්න මහා සටනක යෙදෙන හැටි අසරණ වු අප බලා හිටියා
"නිකෙත් කතා කරන්න
නිකෙත් නිකෙත්"
මේ බබා එයාගේ පැත්තෙන් උත්සාගන්නේ නැනේ
මෙයාගේ සිහිය එන්න ඕනි හරිනම්
ඒ වෙනකොට පුතුගේ ඇඟේ පැත්තක් තදින් ගැස්සෙමින් තිබුණා... චුටි අතක් වෙව්ලමින්...
එහෙත් ඔවුන් තව තවත් උත්සාහ ගත්තා
"කෝ බබාගෙ අම්මයි තාත්තයි"
අපි පුලුවන් උපරිම කරා.. දැන් සිහිය එමින් තියනවා
ඒත් අම්මලා බබාව රිජ්වේ ළමා රෝහලට එක්ක යන්න,
වහා ක්‍රියාත්මක වු අප රෝහලේ ගිලන් රථයෙන් රිජ්වේ රෝහල වෙත ආවා
දැඩි සත්කාර වාට්ටුවට

අදට දවස් පහයි තාමත් ප්‍රතිකාර ගන්නවා
පියවි තත්වයට ආවත් කලින් නොතිබුණු උණක් විටින් විට එනවා
පුංචි පුතුව විවිධ පරික්ෂණ රැසකට මේ වෙනකොට යොමුව තියනවා
අවුරුදු පහක් වුනත් අපේ බබාව වෙනත් දරුවන්ට වඩා ඇස ගසා සිටිය යුතු බබෙක්

ආදරණීය අම්මලා ඔබේ නිර්මල හදින් පතන්නකෝ මගේ මැණිකට ඉක්මන් සුව🙏

එදා අපිව කැටුව ගිය ත්‍රීරෝද රියදුරු මහතාගේ දැඩි කැපවීම නිසා වේගයෙන් රෝහල වෙත යන්න පුලුවන් වුනා... ඔහු සතයක් වත් නොගෙන අඟනා සේවයක් කරේ... ඔහු කවුරු වුනත් දෙවියෙක්... එතුමාට බොහොම පින්

අත්‍යාවශ්‍ය මොහොතේ ඒ KDU රෝහලේ කාර්‍ය මඩුල්ල ඔව්න්ගේ වේගවත් ප්‍රතිකාර නිසා බබාගේ ජීවිතය බේරුණා... ස්තුතියි ඔවුන්ටත්...

අපි තාමත් ගින්දරින් ඉන්නේ අම්මලා
එහෙනම් පහන් සිතින් පතනවා නේද ඉක්මන් සුවය
නිකෙත් බබාට
ස්තුතියි අම්මලා 🙏
මේ මඟේ හිතේ ගින්දරයි අකුරු කෙරුවෙ 😢

Sri Lankan Moms සමූහයෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

05/10/2021
Happy Childrens Day!Best wishes and hugs from Paediatrics Unit - UHKDU!
01/10/2021

Happy Childrens Day!
Best wishes and hugs from Paediatrics Unit - UHKDU!

ලෝක ළමා දිනය වෙනුවෙන් කොතලාවල ආරක්ෂක ‍විශ්වවිද්‍යාලීය රෝහලේ ළමා රෝග අංශයෙන් සියලුම දරුවන් වෙනුවෙන් 2021 ඔක්තෝබර් 4 වැනි ...
30/09/2021

ලෝක ළමා දිනය වෙනුවෙන් කොතලාවල ආරක්ෂක ‍විශ්වවිද්‍යාලීය රෝහලේ ළමා රෝග අංශයෙන් සියලුම දරුවන් වෙනුවෙන් 2021 ඔක්තෝබර් 4 වැනි සඳුදා පවත්වන චිත්‍ර තරඟය

Address

University Hospital KDU, Werahera
Werahera
10290

Alerts

Be the first to know and let us send you an email when Paediatrics Unit - UHKDU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Paediatrics Unit - UHKDU:

Share

Category