22/12/2025
ඔබට හෘදයාබාධයක් හැදුනොත් පළමු විනාඩි 60 තුල ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන දැනුවත්ද?
"ඩොක්ටර්, තාත්තා පපුව අල්ලගෙන වැටුණා... අපි විනාඩි 20ක් විතර පපුව අතගෑවා, ඉඟුරු තේ එකක් දුන්නා... ඒත් අඩුවක් වුණේ නැති නිසයි රෝහලට එක්කන් ආවේ."
රෝහලේ වැඩ කරන අපිට නිතරම ඇහෙන මේ කතාව, ගොඩක් වෙලාවට කෙළවර වෙන්නේ ඉතාම කණගාටුදායක විදියට. හෘදයාබාධයකදී ජීවිතය තීරණය කරන්නේ ඔබ රෝහලට එන "වේගයයි". වෛද්‍ය විද්‍යාවේදී අපි මෙයට "රන් පැය" (The Golden Hour) කියා පවසනවා.
හෘදයාබාධයක් පටන් ගෙන පළමු විනාඩි 60 ඇතුළත නිවැරදි ප්‍රතිකාර ආරම්භ කළහොත්, හෘදයේ සෛල මැරී යාම වළක්වාගෙන රෝගියා සම්පූර්ණයෙන්ම සුව කිරීමට 90% කට වැඩි ඉඩක් තියෙනවා.
පපුවේ කැක්කුමක් ආපු ගමන් ඔබ කළ යුතු පියවර 03:
1. "ගැස්ට්‍රයිටිස්" (Gastritis) එක්ක පටලවා ගන්න එපා ගොඩක් අය මැරෙන්නේ "මේක ගැස්ට්‍රයිටිස් වෙන්න ඇති, ටිකක් නිදාගත්තම හරියයි" කියලා කාලය නාස්ති කරන නිසා.
👉 පපුවේ මැද තද ගතියක් (බරක් තියෙනවා වගේ).
👉 හුස්ම ගැනීමේ අපහසුවක්.
👉 අධික ලෙස දාඩිය දැමීමක් හෝ වමනය ගතියක්. මේවා ආවොත් දෙපාරක් හිතන්න එපා, වහාම ක්‍රියාත්මක වෙන්න.
2. රෝගියා සතුව ඇත්නම් පමණක් GTN පෙත්තක් කුඩුකර දිව යට තබා ලබා දීමද හදිසි ප්‍රතිකාරයක් ලෙස සිදු කළ හැකියි. මෙමඟින් රෝගියාට ඇතිවන ඇතිවන වේදනාව අඩු වේ.(මෙය වෛද්‍ය උපදෙස් මත රෝගීන්ට ලබා දෙන ඖෂධයක් බැවින් වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබා ගැනීමෙන් වළකින්න.)
3. වහාම ප්‍රතිකාර සදහා යොමු වෙන්න , රෝගියා බියට පත් නොකර, ඇඳුම් බුරුල් කර, සුවපහසුව තබන්න. වහාම 1990 ගිලන් රථ සේවයට හෝ හැකි ඉක්මනින් ළඟම ඇති රෝහලකට රැගෙන යන්න.
🛑 හෘදයාබාධයක් ඇති වූ විට රන් පැය තුළ රෝහලට යාමෙන් ඔබේ ජීවිතය විතරක් නෙවෙයි, ඔබේ පවුලේ ආර්ථිකයත් බේරෙනවා.
ඔබ ප්‍රමාද වුවහොත් හදවතේ මාංශපේශීන් දරුණු ලෙස විනාශ වෙනවා. එවිට ජීවිතය බේරගන්න සංකීර්ණ සැත්කම් කරන්න වෙනවා. පුද්ගලික රෝහලක බයිපාස් සැත්කමකට (Bypass Surgery - CABG) ලක්ෂ 15 සිට 25 දක්වා (රු. මිලියන 1.5 - 2.5) මුදලක් වැය වෙනවා. ඊට අමතරව දැඩි සත්කාර ඒකකයේ (ICU) දින ගණනාවක් ඉන්න වුනොත් දවසකට රු. 100,000ක් විතර යනවා.
ඔබ ඉක්මන් වුවහොත් මුල් පැය ඇතුළත රෝහලට ගියොත්, රුධිර කැටි දිය කිරීමේ එන්නතක් (Thrombolysis) හෝ කුඩා නලයක් මගින් රුධිර නාලය විවෘත කිරීම (Primary Angioplasty/Stenting) හරහා ඉතා අඩු වියදමකින් සහ අඩු කාලයකින් රෝගියා සුව කළ හැකියි. රජයේ රෝහලක නම් මේ සියල්ල නොමිලේ සිදු කරගත හැකිය.
පැය එකහමාරක ප්‍රමාදයක්, ඔබව මුළු ජීවිත කාලෙම ණයකාරයෙක් කරන්න පුළුවන්.
මතක තියාගන්න, හෘදයාබාධයකදී "කාලය යනු හෘද පටක වේ". ඔබ ඉක්මන් වන තරමට ඔබේ හදවතේ ජීවය ඉතිරි වනු ඇත. ❤️
මෙම තොරතුරු දැනුවත් කිරීම පිණිස පමණි. හදිසි අවස්ථාවකදී වහාම වෛද්‍ය සහාය ලබාගන්න.හැකි ඉක්මණින් රෝහල්ගත වීම ඔබගේ ජීවිතය සුරැකීමට හේතුවක් වනු ඇත !
ස්තූතියි.
හෙදියකගේ දිනපොත
අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්. (Share button එක භාවිතා කරන්න).
[ හෙදියකගේ දින පොත ] - All Rights Reserved.