කඨින පිංකම් - Katina Pinkam

කඨින පිංකම් - Katina Pinkam Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කඨින පිංකම් - Katina Pinkam, Narammala.

09/12/2023

මේ වෙලාවේ බැඳලවත් හිටියනම් නේද

20/08/2023

විවාහ ජීවිතය බැලන්ස් කරන හැටි..

20/08/2023

මේක කියන්නෙ ආදරේ කරල කෙල්ල/කොල්ල දාල ගිහින් ඉන්න දික්කසාද වෙන්න හිතන් ඉන්න අය වෙනුවෙන්.

මං කසාද බැන්දෙ අවුරුදු 18න්.මං කලේ මේසන් වැඩ.අහම්බෙන් ආපු නොම්බරයකින් එයාව සෙට් උනේ.අවුරුදු ගානක් පෝන් එකෙන් කතා කලා.එයාගෙ පවුලෙ අයත් කතා කලා.දිනයක් දාන් අපි bmich එකේ පොත් ප්‍රදර්ශනයක් බලන්න ආවා.එදා කොහොම හරි අපි හම්බෙලා කතා කරල පොත් ප්‍රදර්ශනයත් බලලා රෑ උනා කොලබින් පිටත් වෙද්දි.
කොහොම හරි එයාලගෙ ගෙදර ලගට යද්දි රෑ 11.00/11.30 වගේ උනා.පස්සෙ එයාලගෙ ගෙදරින් දෙන්නටම දොස් කියලා එයාව දැන් බාරගන්න බෑ කිව්වා.
ඒකත් එහෙමද කියලා එයාව එක්කන් පහුවෙනිදා වෙනකම් ඉන්න අපි ඉඩ ඉල්ලගත්තා.ඒත් එයාල අපිව ගෙ ඇතුලට ගත්තෙ නෑ.එලියෙ උන්නේ.
පාන්දරින්ම අපි දෙන්නා අපේ ගෙදර ආවා.ඒ එනගමන් අපේ ගෙදරට සියළුම විස්තර මං කීව.අපේ ගෙදරින් කිසිම විරුද්දත්වයක් තිබුනෙ නෑ.
අපේ ගෙදර ඇවිල්ලා ඔක්කොමලා කතා කරලා රෙජිස්ට්‍රාර් ලගට ගියාමයි දැනගත්තෙ එයාට 22යි කියලා.පස්සෙ දැං කරන්න දෙයක් නෑනෙ කියලා අපේ අම්ම කැමති උනා.

පස්සෙ මම ආපිකෝ එකේ වැඩට ගියා.එයා ගාමන්ට් ගියා.කාලය ඔහොම යද්දි එයාලගෙ ගෙදරින් කිසිම සම්බන්දයක් අපි එක්ක තිබුනෙ නෑ.අපි පෝන් නම්බරේ මාරු කලෙත් නෑ.එයා ගන්න පඩියෙන් එයාගෙ ගෙදර අයට කීය කිය හරි යැව්ව.ලියුම් ලිව්වා.ඒත් ඒ කිසි දේකින් එයාල සතුටු උනේ නෑ.

ඔහොම ඉද්දි අපිට දුවෙක් ලැබෙන්න ඉද්දි එයාලගේ නෑවෙන අයියා කෙනෙක් මෙහෙ ආව..තාත්තට අසනීපයි කියලා කියාගෙන.මං එයාට ගෙදර ගිහින් එන්න කිව්වා එයාට.නෑදෑ අයියා කිව්වා මට එන්න එපා තාත්තා කැමති නෑ කියලා.දෙන්නට දෙන්නා 100% විශ්වාස නිසා මං එයාට ගිහින් එන්න කීව.

ඊට පස්සෙ තමා ඔක්කොම ප්‍රශ්න පටන් ගත්තේ.පොඩි දෙයක් අල්ලන් එයා මං එක්ක රණ්ඩුවෙන්න ගත්තා.පොඩි දේටත් මට හොරෙන් ගෙදර යන්න ගත්‍තා.පොලිසියෙ පැමිනිලි දැම්මා මට විරුද්දව.ඒත් ගමේ පොලිසියෙ වැඩ කරන අය තුන් දෙනෙක් ඉන්නවා.එයාල මංගැන පොඩි කාලෙ ඉදලා දන්නවා.ඒක නිසා පොඩි සහනයක් තිබුනා.

ඔහොම ඉද්දී අපිට දුවෙක් ලැබුනා.එයා ගොඩක් ලස්සනයි.හැමදෙම තිබුනෙ ටික දවසයි.

මං එයාට පවුම් 6ක මාලයක් අරන් දීල තිබුනා.ඒත් දවසක බලද්දි ඒක නෑ.ඒක ගැන ඇහුවා කියල පොලිසියෙ පැමිනිල්ලක් දාල එයා ගෙදර ගිහින්..පොලිසියෙනුත් අන්තිමේදි මට කිව්වා ඔයාලව උසාවිදානවා මේක හැමදාම කරන්න බෑ කියලා.

නඩු දිනේට උසාවි ගියා.දෙන්න සමතයකට පත්වෙනකම් දෙන්නා දෙපැත්තට වෙලා ඉන්න කිව්වා.මට ලමයා බලන්න දිනයක් දුන්නා.නඩත්තු එයා එපා කීවා.

උසාවියෙදි දැක්කට පස්සෙ මම ලමයව ආයෙ අදවෙනකම් දැකලා නෑ.එයාල ඉන්න තැනක් දන්නෙත් නෑ.පොලිසි ගියා වැඩක් උනේ නෑ.
පස්සෙයි දන්නෙ එයා කලින් බදින්න උන්නු කොල්ල තමා නෑදෑ අයියා කියලා අපේ ගෙදර ඇවිල්ල තියෙන්නේ.එයා ආරක්ශක අංශයක වැඩ.යම්කිසි දේකට හිරේ ගිහින් ඉද්ල තියෙන්නේ.පස්සෙ කාලෙක දැනගත්තා එයා අර අයියව බැන්දා කියලා.දැං තුන්දෙනාම රටලු.

ඊට පස්සෙ මම තදින්ම ඇල්කොහොල් හා විවිද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනා.හැමදාම රණ්ඩු කා එක්ක හරි.

මාව හදන්නම බැරිතැන අපේ අම්මා මාව පල්ලියක මාව නැවැත්තුවා..ටික කාලයක් යද්දි මම සාමාන්‍ය තත්වෙට ආවා.මං පල්ලිය හරහා මාළුකඩේක වැඩට ගියා.

පස්සෙ ඒ අවටම වැල්ලෙ ගෑනුලමෙක්ටයි එයාගෙ මල්ලිටයි පොත් එහෙම අරන් දීල උදව් කලා. පස්සෙ එයා ඉස්කෝලෙ ගිහින් ඉවර උනාම අපි දෙන්න අතර සම්බන්දයක් ඇති උනා.එයාගෙ තාත්තා දීවරයෙක්.අම්ම නෑ.

ඔහොම ඉද්දි මම ඕක පල්ලියට කියලා පල්ලියෙන් ඒලමයින්ගෙ පවුලෙ අය එක්ක කතා කරලා ඔක්කොම සෙට්ල් කලා.

ඔය අතර අපේ අම්මගෙ මරණය සිදු උනා.එයාල ගොඩක් උදව් කලා.හැමෝන්ගෙම කැමැත්ත මත මං ආයෙ කසාද බැන්දා.අපි ඉස්සෙල්ලම උන්නේ බෝඩින් කාමරේක.
පස්සෙ මම සැටලිම් වැඩට ගියා.එයා පරිප්පු පැකට් කරන තැනක වැඩට ගියා.
දෙන්නගෙම මුල් මාසෙ පඩියෙන් ෆුට් සයිකලයක් ගත්තා.පල්ලියට උදව් කලා.එහෙම හෙමින් හෙමින් අපි හැමදේම හදාගත්තා.බෝඩින් ජීවිතේ ඉවර කරල අපේ ගෙදරට එද්දි සියළු දේ අපි හදාගත්තා.

අපිට පලවෙනි පාරට පුතෙක් ලැබුනා.ඊට අවුරුදු 3කට පස්සෙ දුවෙක්..ඔන්න මම දැං වැඩකරලා ලොන්සින් 48cc එකක් ගත්තා.අපි ඒකෙ නොගිය තැනක් නෑ ලංකාවෙ.පස්සෙ මම පොඩියට ගෙවල් හදන්න කොන්තරාත් ගත්තා.පොඩි ලොරියක් ගත්තා
එවට උවමනා සියළු බඩු ගත්තා.

දවසක් මගෙ ලග වැඩ කරපු ගෝලයෙක්ගෙ අත් වැරදීමක් නිසා මාව අඩි 26කින් බිමට වැටෙනවා.දවස් 11ක් icu එකේ ඉදලා ආයෙ වාට්ටුවට ආව.නැගිටින්න බෑ කතාකරන්න බෑ..

මාස 3පස්සෙ මං ගෙදර ආවෙ ලෑලි දෙකක් උඩ තියාන.
මගෙ හැමවැඩක්ම කලේ පව්ල.නාවන්නෙ,කවන්නෙ,ටොයිලට් යනඒව හැමදේම.
ඔය අතරෙ වාහන,මගෙ සැටලිම්,ඒවගෙ උපකරන හැමදේම මං විකුනනවා.බින්දුවට වැටෙනවා.ඒත් මෆෙ වයිෆ් මං එක්ක ඉන්නවා.

අන්තිමට පලවෙනියට ගත්ත සයිකලේ විකුනලා බේත් කරනවා.පොඩ්ඩක් හරියනවා.අන්න තැන.දොස්තරට ඇත්ත කියල බෙත් කරගන්නවා හොද උනාම සල්ලි දෙන්නම් කියලා.දවස් 14න් මන් තනියම ඇදෙන් ඉදගන්නවා.සති 4න් මන් ආයෙ ඇවිදිනවා.අයියයි එයාගෙ පවුලයි ගොඩක් උදව් කරනවා.

දහ අතේ නයවෙලා ත්‍රීවීල් එකක් අරන් දුවනවා.අමාරුයි කොන්ද ඒත් කොන්දට කෙලවෙලා ඉද්දි වහලෙ දිහා බලන් කල්පනා කලේ මං එකතැන් උනාට මැරුනෙ නෑ මට පුලුවන් ආයෙ ගොඩ එන්න කියලා.ඒකත් ෆිනෑන්ස් එකෙන් අරන් යනවා.

ඔන්න ආයෙ අපිට පුතෙක් ලැබෙනවා.දැං පොඩ්ඩ පොඩ්ඩ වැඩ එනවා.ගන්න පඩියට හරියන්න අපි වැඩකරනවා.අපේ තාත්තා පොඩි තුන්දෙනාව බලාගන්නවා.අයියයි එයාගෙ පවුලත් උදව් කරනවා.

සමහරදාට ගෝලයට යන්නෙ වයිෆ්.එයා බදාම අනලා දෙනවා.ගල් ටික ලගට දෙනවා.අපි දෙන්නම මේසන් වැඩට යනවා.අමාරුවෙන් ජීවිතෙ ඉස්සරහට යනවා.

ජීවිතේට හොදම
කෙනා එනකම් ඉවසන්න.
ගලපගෙන ජීවත්වෙන්න හදන්න එපා.ගැලපෙනවනන් විතරක් එකතුවෙන්න.❤️💐

© COPIED

20/08/2023

අවිවාහක 27 ගොවි දියණියට පුතණුවෙක් සොයයි
MKMY D 42335

20/08/2023

පලමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ 34 වෑද්දුම් ශිල්පී පුතනුවන්ට දියණියක් සොයයි
MKMY D 42328

20/08/2023

පලමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ 25 ගුරු දියණියට පුතණුවෙක් සොයයි
MKMY D 44575

Address

Narammala

Website

Alerts

Be the first to know and let us send you an email when කඨින පිංකම් - Katina Pinkam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share